Thursday, November 15, 2012

ලෝකේ තියෙන ලස්සනම අකුරු හතර.... ආදරය

 ආදරය .....
ලෝකේ තියෙන ලස්සනම අකුරු හතර 
හැබැයි ..
සමහරක් වෙලාවට 
අපිට හිතෙනවා
එ අකුරු හතර ඇතුලේ 

ලොකූ වේදනාවක්
හැංගිලා තියෙනවා ........
ආදරය කරන අය
ආදරේ ගැන කතා කරනවා වගේම
ආදරේ නොකරන අය
එ ගැන ආසාවෙන් කතා කරනවා
මොකද
ආදරේ හරිම සුන්දර දෙයක් කියල හිතාගෙන
හැබැයි ..........
ලස්සන ආදරේට
අරුත් දෙන්නෙත් අපිමයි
ජීවිතේ ලස්සන කරන්ඩ ආදරේ ඕනේ
එ වගේම ආදරේ ලස්සන වෙන්ඩත්
ලස්සන ජීවිත ඕනේ
මොකද ජීවිතේ තියන්නේ විදින්ඩ මිසක්
විදවන්ඩ නෙමේ ................
ආදරේට ආදරේ කරන්ඩ
ජීවිතේ විදින්ඩ ...........

No comments: