ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිද
වෙන්වන්ට මුනගැසෙමු යලී.....
වෙරලේ හැපෙනා රල රල අතරේ
මුමුනයි හෙමිහිට අපේ කතා..
රැල්ලට නොපෙනී වෙනතක ගියමුත්
සුදු වැලි මුමුනයි වෙරල කොනක හිද....
ඔබහා දොඩනට ගත සිත සක්තිය
නැති ලෙස හදවත හඩා වැටේ
එනමුදු අප පෙම් කතාව නිමවී
සමුගන්නම් අද තරහ නොවී
වෙරල කොනක හිද ..........
No comments:
Post a Comment